රහස් පොලිසියට අලුත් ලොක්කෙක්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කර තිබේ.

ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයවූ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පත් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය, ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය, රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, ටවුන්හෝල් බෝම්බය ආදී සිදුවීම්වල විමර්ශන කරන ලද්දේ අබේසේකරගේ මෙහෙයවීමෙනි.

රහස් පොලිසියේ අධක්‍ෂ ධූරය පුරප්පාඩු වූයේ එහි අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුවය.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ශානි අබේසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ රහස් පොලිසිය විසින් විමර්ශනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *