(කොළඹ, ලංකාපුවත්) – කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
පසුගිය දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව නිසා මෙම ජලාශ වල ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම මට්ටමකින් සිදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි.