ගංවතුර තත්තවයකට යුද හමුදා භටපිරිස් සුදානමින්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන අධික වර්ෂාපතන තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනයා ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සුදානමින් සිටින බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, කළුතර, කුකුලේගඟ, බුලත්සිංහල, අගලවත්ත සහ කුරුවිට ප්‍රදේශයන් හී ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවට ලැබි ඇති වාර්තා අනුව හදිසි ආපදා අවස්ථාවන්ට මුහුණදිම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් මේ වන විට එම අවදානම් සහිත ප්‍රදේශයන් හී ස්ථානගතව සිටියි.

එසේම හදිසි තත්ත්වයක දී භාවිතා කිරීමට WMZ සන්නද්ධ රථ 6 ක් සහ බෝට්ටු කිහිපයක් ද සුදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *