මුම්බායී නුවරට බෝම්බ ප්‍රහාර එල්ල කළ දෙදෙනෙකුට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) – 1993 වසරේදී ඉන්දියාවේ මුම්බායී නුවරට බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දීමට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

ෆිරෝස් ඛාන් සහ තහීර් මර්චන්ට් යන දෙදෙනාට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

අපරාධයක් සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මනුෂ්‍ය ඝාතනය ඔවුන්ට එල්ල වූ චෝදනා වේ.

2005 වසරේදී මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ අබු සලීම් නැමැත්තා පෘතුගාලයේදී අත්අඩංගුවට ගැනුණි. පසුව නඩු විභාගය සඳහා ඔහුව ඉන්දියාවට භාර දී තිබුනි. ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දී ඇති බව වාර්තා වේ.

තවත් විත්තිකරුවකු වන රියාස් සිද්දික් වසර 10ක සිරදඬුවමකට යටත් කර තිබේ.

මුම්බායි නුවර ස්ථාන කිහිපයකටම එල්ල වූ මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය. ඉන් 700කට අධික පිරිසක් තුවාල ලැබූ වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *