සනත්ගෙන් හිස්වු ‘සභාපති’ පුටුවට එන සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයා

(කොළඹ, ලංකාපුවත්) – පුරප්පාඩුව පවතින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය අරවින්ද ද සිල්වාට හිමිවනු ඇතැයි වාර්තා වේ.

එම ධුරයේ කටයුතු කළ සනත් ජයසූරිය ඉකුත් 06 වනදා ධුරයෙන් ඉල්ලා අස්වුණි. අරවින්ද ද සිල්වාට මාස 03ක කාලයක් එම ධුරය භාරදීමට තීරණය වී ඇති බව ක‍්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කරනු ලැබේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී අරවින්ද ද සිල්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

මේ අතර කලක් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහනාම ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයට යෝජනා වී ඇති බව වාර්තාවේ.

ක‍්‍රීඩකයින් තේරීමට තමන්ට නිදහස ලබා දෙන්නේ නම්, එම ධුරය භාර ගැනීමට සූදානම් බව රොෂාන් මහනාම සඳහන් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *