“ඉර්මා” නිසා අමෙරිකාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට කඩා වැඳුණු ඉර්මා චන්ඩ මාරුතයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියාමි ප්‍රදේශයේ ස්ථාන රැසක් ජලයෙන් යටව පවතී. විදුලි බලය ඇණහිට ඇති නිවාස සංඛ්‍යාව ලක්ෂ 25කට අධිකය. පැයට කිලෝ මීටර 169ක වේගයකින් ඉර්මා චණ්ඩ මාරුතය ෆ්ලොරීඩාහි බටහිර වෙරළ තීරයෙන් අමෙරිකාවට ඇතුළු වී තිබේ. මේ වන විට එහි ප්‍රබලත්වය දෙවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා පහළ දමා ඇතැයි සදහන් වේ.

ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ලක්ෂ 63කට ආසන්න පිරිසකට ඉර්මා චණ්ඩ මාරුතය හේතුවෙන් ඉවත්වන ලෙසට බාලධාරීන් දැනුම් දී තිබුණි.

විපත පත්වූවන්ට කඩිනමින් ආධාර හා හදිසි ආපදා තත්වයක් සදහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දී තිබේ.

ඉර්මා චණ්ඩා මාරුතය කැරබියන් කලාපීය දූපත් රැසකට ද දැඩි බලපෑම් එල්ල කර ඇත. කියුබාව, බාබියුඩා, බ්‍රිටීෂ් වර්ජින් දූපත් රැසකට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ. කියුබාව, බාබියුඩා, බ්‍රිටීෂ් වර්ජින් දූපත් ඇතුළු රටවල් රැසක වාර්තා වූ මරණ සංඛ්‍යාව 28කි.

දශක ගණනාවකින් 5 වන කාණ්ඩයේ චණ්ඩ මාරුතයකින් කැරබියන් දූපත් කලාපය දැඩි බලපෑමට ලක්වූ පළමු අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *