එක්සත් ජාතීන් හෙට රැස්වේ

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරය අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී හෙට(12) ආරම්භ වේ.

මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වී ඇත්තේ “ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම, තිරසර ලෝකයක සැමට සාමය සහ සාරවත් ජිවිතයක් ” යන්න ය.

හෙට ආරම්භ වන සැසිවාරය සැත්තැම්බර් මස 25 වනදා දක්වා පැවැත්විමට නියමිතය. එළඹෙන 19 වනදා සිට මෙවර සැසිවාරයේ විවාද ආරම්භ වනු ඇත.

පාරිසරික අධ්‍යාපනය, පාරිසරික සම්මුතීන් සහ මානව සංවර්ධනය, තාක්ෂණය සහ නව්‍යකරණය, ජලය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මෙම සැසිවාරයේදී වැඩි අවාධනයක් යොමු කරමින් සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබන 19 වනදා සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිමට නියමිතය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන 03 වන අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *