අවුරුදු පහළොව – විසිනමය වයස්වල පසුවන්නන්ට ජීවිත අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) –වයස අවුරුදු 15 සහ 29 වයස්වල පසුවන්නන් ලොව වැඩිම අවදානම් සහිත ගැටලුවකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ දරුවන් සඳහා වන (යුනිසෙෆ්) සංවිධානය පවසයි.

මොවුන් බොහෝ දෙනකු සියදිවි නසාගැනීමට පෙළඹීම ඉහළ ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත.

අදට (11) යෙදී ඇති ජාත්‍යන්තර සියදිවි නසාගැනීමෙන් වැළකීමේ දිනය වෙනුවෙන් එම සංවිධනාය මෙම දැනුම්දීම කර තිබේ.

සියදිවි නසාගැනීමට ලොව බොහෝ දෙනකු පෙළඹෙන්නේ ආතතිය නැතිනම් විශාදය උත්සන්නවීම වැනි මානසික කාරණා හේතුවෙනි. මේ හේතුවෙන් එවන් තත්ත්වයන් ඇති වීමට බලපාන ශාරීරික හා මානසික හේතූන් අවම කරගැනීම සැමගේ වගකීම බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *