ථූපාරාමයේ නම සදහන් සෙල්ලිපිය වසා දැමීමේ සිද්ධිය ගැන වාර්තාවක් කැදවයි

(කොළඹ, ලංකාපුවත්) –ථූපාරාමයේ නම සදහන් සෙල්ලිපිය වසා දැමීම පිළිබද කඩිනම් වාර්තාවක් සපයන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී ඇත.

අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථූපාරාම චෛත්‍යයේ නම සදහන් ආදිතම සෙල්ලිපිය ලෙස සැලකෙන්නේ පාලුමැකිච්චාව සෙල්ලිපියයි.

එය වසා දමා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ පිළිබද කරුණු සොයා බලා කඩිනම් වාර්තාවක් සපයන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හා අමාත්‍යාංශ අතිරේක ලේකම් සැලසුම් හා සංවර්ධන අශෝක සිරිවර්ධන මහතාට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *