ජනපති ලබන 16වනදා ජිනීවා යයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබන 16 වනදා ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිතුමා එළඹෙන 19 වනදා සිට සැසිවාරයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය අද(12) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භවීමට නියමිත අතර ලබන 25වනදා දක්වා සැසිවාරය පැවැත්වේ.

මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව ලෙස “ජනතාව කෙරෙහි අවධානය යොමුකිරීම, තිරසර ලෝකයක සැමට සාමය සහ සාරවත් ජීවිතයක් යන්න“ නම් කර තිබේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන තෙවන අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *