(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑ අර්මා චණ්ඩ මාරුතයෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකය.
සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළුවන විට එහි ප්රචණ්ඩත්වය අවම වී තිබුණද , මියාමි සහ තදාසන්න ප්‍රදේශවලට ඉන් දැඩි බලපෑම් එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රාන්තයේ නිවාස ලක්ෂ 65කට පමණ මේ වන විටත් විදුලිය ඇනහිට ඇත. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සදහා ඉංජිනේරුවන් දැඩි පරිශ්‍රමයක් දරන බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ප්‍රදේශයේ පාලම් 42කට හානි සිදුවී ඇති බවද සදහන් වේ.
එසේම ෆ්ලොරීඩාවේ කීස් දූපත්වලට ද සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවිය. ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව වාර්තා වේ.