ජගත් සංවිධානයෙන් උතුරු කොරියාවට නව සම්බාධක

(කොළඹ, ලංකාපුවත්) – ජගත් සංවිධානය උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබේ.

ඔවුන්ගේ නවතම මිසයිල අත්හදා බැලීම ඊට හේතු වූ බව වර්තා වේ. එම සම්බාධක පැනවීම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත. ඒ අනුව උතුරු කොරියාවට රෙදි පිළි අපනයනය සහ බොරතෙල් ආනයනය තහනම් වනු ඇත.

පසුගියදා උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ අතර ඔවුන් දිගින් දිගටම අමෙරිකාවට තර්ජනය කළ බවද සදහන්ය. ජගත් සංවිධානය උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අවම කිරිමේ අරමුණින් දැනටමත් සම්බාධක පනවා තිබේ.

උතුරු කොරියාව සමග ව්‍යාපාරික සබදතා පැවැත්වූ රටවල් සමග වෙළද ගනුදෙනු නවතා දමන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර නිවේදනය කර තිබුණි.

2006 වසරේ සිට න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවා තිබේ. මේ එලෙස සම්බාධක පැන වූ නව වන අවස්ථාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *