ජලජිවි වගාව සඳහා චීන ආයෝජකයන්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ජලජිවි වගාව සඳහා මහා පරිමාණයෙන් ආයෝජනය කිරීමට චීන ආයෝජකයින් කැමැත්ත පල කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යතුමා පැවසුවේ මේ සඳහා දැනුම, තාක්‍ෂණය මෙන්ම මුදල් ආයෝජනය කිරීමට මෙම ආයෝජකයින් කැමැත්ත පලකළ බවයි.

මහා පරිමාණ ජලජිවි වගාව පිළිබඳ චීනයේ වසර 30කට අධික කාලයක් නිරත මෙම ආයෝජකයින් පසුගිය දින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී මෙරට ජලජිවි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කළහ. මෙම ආයෝජකයින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමු වූ දෙවැනි අවස්ථාව මෙයය.

ලෝකයේ ධීවර කර්මාන්තයේ නිරත බොහෝ රටවල් මේ වන විට ජලජිවී වගාව මෙන්ම ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි වගාව කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වා ඇති බව මෙම හමුවේදී සඳහන් කළ රාජ්‍ය අමාත්‍යතුමා ශ්‍රී ලංකාවද එවැනි වගාවන් කෙරෙහි වැඩි අවධානය යොමුකර ඇතැයි පැවසීය. ඊට අමතරව ටුනා [ කෙලවල්ලා ] මත්ස්‍ය වගාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.

ඒ අනුව මෙරට ජලජිවි වගාව, ජලජ පැළෑටි වගාව මෙන්ම මත්ස්‍ය වගාව සඳහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත් කම මෙම සාකච්ජාවේදී අවධාරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන ආයෝජක කණ්ඩායම කැමැත්ත පල කරමින් පැවසුවේ ජලජිවි වගාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන උනන්දුව කෙරෙහි තමන් ඉතා සතුටු වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *