සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව කි‍්‍රයාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ශී‍්‍ර ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව කි‍්‍රයාත්මක කරනු ලබන අතර සිරකරුවන් උදෙසා සෞඛ්‍ය වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම සනීපරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප‍්‍රජා සත්කාර දියත් කිරීම මෙමඟින් සිදු වේ.

ශී‍්‍ර ලංකා සිරකරු සුබසාධක සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප‍්‍රථම කොඩිය පැළඳවූ අතර අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, විජිත් විජිතමුණිද සොයිසා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *