කුඩා ව්‍යාපාරිකයා නගාසිටුවීමට සියලු සම්පත් ලබා දෙන බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –ගමේ ශක්තිය වන කුඩ ව්‍යාපාරිකයා නගා සිටුවීමට සියලු සම්පත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

මාකඳුර කාර්මික ජනපදයේ පෙරවැඩුම් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ පෙරවැඩුම් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා රුපියල් මිලියන 60ක් වැයකර තිබේ. නව ව්‍යවසායකයින්ට තාක්ෂණ දැනුම ලබාදීම මෙහි අරමුණ වේ.

තමන් පොරොන්දු වූ පරිදි විශ්වවිද්‍යාල සංගම්වලට අවශ්‍ය මුදල් ලබා දීම සඳහා රජය රුපියල් මිලියන සියයක් වෙන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරුණි. එමෙන්ම පෙරවැඩුම් තාක්‍ෂණය හුවමාරු මධ්‍යස්ථානයට සම්බන්ධව සිටින දිස්ත්‍රික් නිලධාරීන්ට ලැප්ටොප් පරිගණක බෙදා දීම සිදුවුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්ය.

රිෂාඩ් බදියුදීන්, අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරුන් ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *