අරුගම්බේ සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ආකර්ෂණය දිනාගත් අරුගම්බේ පුරවරය සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැතුවුණි.

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය. එහි එක් අදියරක් ලෙසයි පොතුවිල් සංචාරක පුරවරයේ පහසුකම් පුළුල් කරමින් එය සංවර්ධනය කෙරනු ලැබේ.

පොතුවිල් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කෙරුණි. ප්‍රවාහන, නවාතැන්, පානීය ජලය, සෞඛ්‍ය පහසුකම්, විනෝද ක්‍රීඩා, ජීවිතාරක්‍ෂක කටයුතු සහ තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන ආකාරය පිළිබඳව සාකච්ඡාවේ දී අවධානය යොමුවිය.

අදාළ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන්නේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *