(කොළඹ, ලංකාපුවත්) – මැදපෙරදිග රාජ්‍යයක් ලෙස බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබාදෙන රැකියා අවස්ථා සම්බන්ධව සතුටු වන බවත් ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට ලබා දීමට කටයුතු කරන ලෙසත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එරට කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරිය, ඊයේ(14) බහරේන් රාජ්‍යයේ කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය Jameel Bin Mohomed මහතා හමුවී දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම ස`දහා ඉදිරියේදී ගන්නා නව ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ජා කරන ලදි.
මේ වන විට බහරේනයේ ශ්‍රී ලාංකිකන් 11,000 ක පමණ ප්‍රමාණයක් රැකියාවල නිරත වන අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වැඩකටයුතු සම්බන්ධයෙන් බහරේන රජය සතුට පල කරන බවත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සොයා බලා කටයුතු කරන බවත් බහරේන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යවරයා සදහන් කළේය.
එසේම තලතා අතුකෝරළ මහත්මිය මෙහිදී මැදපෙරදිග රාජ්‍යයක් ලෙස බහරේන් රාජ්‍යය ලංකාවට ලබාදෙන රැකියා අවස්ථා සම්බන්ධව සතුටු වන බවත් එම රැකියා අවස්ථා අතර මුදල් පාලන, පරිගණක විශේෂඥ, තොරතුරු තාක්ෂණ සැකසුම්, ගණකාධිකාර, තත්ව පාලන ඉංජිනේරු වැනි ඉහළ වෘත්තීමය අංශ වල රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධව සිය ස්තුතිය පළ කළාය.
මීට අමතරව විගමණික ශ්‍රමිකයින්ගෙන් ශී‍්‍ර ලංකාවට වැඩි ආදායමක් ලැඛෙන බවත් ගත වූ වසරේදී ඇ.ඩො.බිලියන 7.9ක ආදායමක් විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුනු බවත් සඳහන් කළ අමාත්‍යවරිය, එම අදායම ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනන තේ, පොල්, රබර්, ඇගලූම් කර්මාන්තය, සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශයන්ට වඩා වැඩි බවත්දහන් කළාය. එසේම බහරේන් රාජ්‍යයේ පවතින තාක්ෂණික දියුණුව ශ්‍රී ලංකාවටත් ලබා දීමට ඉදිරියේදී හැකි වන බවත් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යවරයා පැවසීය.