ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් කමිටු 10ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් සඳහා කමිටු 10ක් පත්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

පක්ෂ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම පත්කිරීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(14) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ කර ගනිමින් ආහාර බෝග වගාව දිරිමත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්ද ලබන මාසයේ දී ආරම්භ කරන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *