සුගතදාස ක්‍රීඩා පිටියේ කෘත්‍රිම ධාවන පථය නවීකරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – සුගතදාස ජාතික ක්‍රීඩා පිටියේ කෘත්‍රිම ධාවන පථය නවීකරණය කිරීමේ කටයුතු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) ආරම්භ විය.

ඊට වැයකරන මුදල රුපියල් මිලියන 244කි.

2011 වසරේදී ක්‍රීඩා පිටියට කෘතිම ධාවන පථය එළනු ලැබීය. එහෙත් එය නිසිලෙස සිදු නොකිරීම හේතුවෙන් වැඩි කාලයක් ධාවන පථය ප්‍රයෝජනයට ගැනීමට හැකිවුයේ නැත.

මෙම ධාවන පථය එළන ලද සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.

වැය වූ මුදල ඔවුන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *