2030 වන විට මුහුදේ මාළුන්ගේ බරට වඩා මිනිසා මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2030 වන විට මුහුදේ මාළුන්ගේ බරට වඩා මිනිසා මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවනු ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

අද (15) දිනට යෙදි ඇති ජාත්‍යන්තර වෙරළ සංරක්‍ෂණ දිනයට සමගාමීව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය කසළින් තොර වෙරළ තීරයක් බවට පත් කිරිම අරමුණින් පැවති වෙරළ පවිත‍්‍රතා කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

අද ඉතාම වැදගත් දිනයක්, සාගර දූෂණ විරෝධි දිනය. ඇල පාරවල්, දොළ පාරවල්, ගංඟා, වෙරළ තීරයන් හි ඇවිදින අය නිසාත් විශාල වශයෙන් සාගරයට පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරණ ද්‍රව්‍ය එකතුවීමත්, වෙනත් අපද්‍රව්‍ය එකතුවීමත් සිදුවෙනවා. විද්‍යාඥයන් මේ වන විට සොයාගෙන තිබෙනවා 2030 වන විට මුහුදේ ජීවත්වන මාළුන්ගේ බරට වඩා මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවෙයි කියලා. එවැනි තත්වයක් හමුවේ සාගර පද්ධතියත්, අපේ ජීවන පද්ධතියත් මිය ගියහොත් එය මිනිසාට තීරණාත්මකව බලපානවා.

ඒ වගේම ගොලීය උණුසුම ඉහළ යාම නිසා සිදුව ඇති ප‍්‍රධාන ගැටළුවට අද මුළු ලෝකයම මුහුණ දෙනවා. අධික වර්ෂාව, ඉතාම තද පෑවිල්ල මෙන්ම වැඩිය අනාවරණය නොවන නමුත් මෙය ඇත්ත කාරණයක් එනම් සාගර ජලය රටතුළට කාවැදීම.

පසුගිය දිනවල කොළඹ හා අවට වෙරළ ප‍්‍රදේශයන්හි විශේෂයෙන් දුම්රිය මාර්ගයන්හි මුහුද පැත්තට වන්නට අද වන විට වාහනයක් හෝ කම්කරුවෙකුට එම ප‍්‍රදේශවලට යාමට නොහැකියි. මන්ද විශාල වශයෙන් අනවසර පදිංචිකරුවන් ජීවත් වන නිසා. ඒ නිසා අප තීරණය කළා සෑම වසරකට වරක් නොව සෑම මාසයකට වරක් අපේ මුහුදු තීරය විධිමත්ව පිරිසිදු කරන වැඩපිළිවෙලක් දියත් කරන්න. ඒ අනුව සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා මුහුදට, ජලමාර්ගයන්ට, කැලි කසළ, මල අපද්‍රව්‍ය බැහැර කිරීම, අනෙකුත් දෙවල් බැහැර කර අපේ පරිසර පද්ධතියට, රටට කරන මහා විනාශය නවතා දැමීමට එකමුතු වන ලෙස ද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *