බ්‍රිතාන්‍යයට ත්‍රස්ත තර්ජන උග්‍රයි – අගමැතිනී තෙරේසා මේ

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයට ඇති ත්‍රස්ත තර්ජන උග්‍ර අතට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කරයි.

පසුගිය සිකුරාදා බ්‍රිතාන්‍යයට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව නිල ප්‍රකාශයක් ලබාදෙමින් ඇය මේ බව කියා සිටියාය.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උමං දුම්රියක නලයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් 29 දෙනෙකු තුවාල ලැබීය. එය නිවසක සකසන ලද ප්‍රාථමික ඝනයේ බෝම්බයක් බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රකාශ කරන්නේ, තමන් ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බවය .

නගරයේ පිහිටි ප්‍රධාන ස්ථාන හා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන්හි වැඩි ආරක්ෂාවක් පවත්වාගෙන යන බව ස්කොට්ලන්ඩ් පොලීසිය සදහන් කර ඇත. හමුදා සෙබලුන් දහසකට අධික පිරිසක් ද මේ සදහා යොදවා තිබේ.

මෙම ප්‍රහාරය ඇතුළුව මේ වසර තුළ ලන්ඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාර තුනක් එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *