කුමාර් ලෝක කි‍්‍රකට් වාර්තා අලුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –තරග 150 කට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වූ විනිසුරුවරුන් අතරට ශි‍්‍ර ලංකාවේ කුමාර් ධර්මසේන ලෝක කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබේ.

තරග 150 කට සහභාගි වූ ශී‍්‍ර ලංකාවේ දෙවන විනිසුරුවරයා වන්නේ කුමාර් ධර්මසේනයි.

ධර්මසේන 2009 සිට 2017 දක්වා කාලය තුළ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරග 150 කදි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.

ලොව වැඩිම තරග සංඛ්‍යාවක විනිසුරුවරයා ලෙස කටයුතු කර ඇත්තේ පාකිස්තානයේ අලීම් ඩා. ඔහු සහභාගි වී ඇති තරග සංඛ්‍යාව 341 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *