ලැබ්රෝයී තේරීම් කමිටු මුල් පුටුවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස ග්‍රැහැම් ලැබ්රෝයී මහතා පත් කර ඇත.

මෙමපත්වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව ඇති අතර තේරීම් කමිටු සාමාජික ලැයිස්තුව අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ග්‍රැහැම් ලැබ්රෝයි මහතා දැනට ජාත්‍ය්න්තර ක්‍රිකට් තරග තීරකයෙකු ලෙස සේවය කරන අතර මේ සතියේදී එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වේ.

ලැබ්රෝයී මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 9කට හා එක්දින තරග 44කට සහභාගී වී ඇති අතර පළමු පෙළ තරගවලදී සී. සී. සී. පිල නියෝජනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *