‘මරියා’ අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) –මරියා සුළි කුණාටුවෙන් අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව එරට කාලගුණ විද්‍යාඥයින් පවසයි.

එය මේ වන විට පස්වැනි කාණ්ඩයේ, එනම් ක්‍රියාකාරීත්වයෙන් වැඩිම සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ.

මීට සති දෙකකට පමණ ඉහත දී කැරිබියන් දූපත්වලට හා අමෙරිකාවට අර්මා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය. ඉන් 37 දෙනෙකු මිය ගොස් අති විශාල දේපළ හානියක් ද සිදුවිය. අර්මා ගමන් ගත් මාර්ගයේම මරියා සුළි කුණාටුව ද ගමන් කරන බව සදහන් වේ.

එය පැයට කිලෝමීටර දෙසිය හැටක වේගයෙන් හමා යන බව ද සඳහන් ය. ඉදිරි පැය කිහිපය තුළ එය ඩොමිනිකා දිවයිනට ඇතුළු විය හැකි බව කාලගුණ අංශ පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *