ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට වර්ෂාවෙන් දැඩි බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් එරට ප්‍රාන්ත රජය පාසල්වලට දින දෙකක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

අධික වර්ෂාවත් සමග කේරළ ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ගංවතුරෙන් සහ නායයාම්වලින් හානි සිදු ව ඇත.

ඉදිරි දින දෙක තුළ තද වැසි ඇතිවිය හැකි බවට එරට කාලගුණ අංශ අනාවැකි පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

හදිසි ආපදාවකදී කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කේරළ ප්‍රාන්තයේ මහ ඇමතිවරයා උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

පසුගිය දින කිහිපය පුරාම කේරළ ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී තිබුණි. ඉන් ප්‍රවාහන සහ ධීවර කටයුතුවලටද බාධා එල්ල වී ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *