විස්සට මධ්‍යම පළාතේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව විසින් වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත කර තිබේ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 40ක් සහ විපක්ෂව ඡන්ද 9ක් ලැබී ඇත.

ඒ අනුව වැඩි ඡන්ද 31කින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාවේ දී සම්මත වී තිබේ.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මේ වන විට පළාත් සභා පහක සම්මත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *