(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ මිණිරන් නිධි හඳුනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා සමාගම් ඒකාබද්ධව පරික්ෂණ ආරම්භ කර තිබේ. පරික්ෂණ සිදු කෙරෙන්නේ නව තාක්ෂණික උපක්‍රමයක් භාවිතයෙනි.
ඔස්ට්‍රේලියාවේ මාගෝසා ග්‍රැෆයිට් සහ මෙරට එල්.ආර්.එම් සමාගම ඒකාබද්ධව එච්.ටී.ඩී.ඊ.එම් තාක්ෂණය ඒ සදහා භාවිතා කෙරෙනු ඇත.
හෙලිකොප්ටර් යානයක් මඟින් සම්ප්‍රේෂක ලූපයක් භාවිතයෙන් නිර්මාණය කරන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් විසුරුවා හැරිමෙන් මිණිරන් පවතින ස්ථාන හඳුනා ගැනීම සිදු කෙරේ.
මෙම පරික්ෂණ ඊයේ(18) කළුතර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සිදු කළ බව වාර්තා වේ.
අමාත්‍යංශ සහ ආයතන කිහිපයක් සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ.
ගුණාත්මක භාවයෙන් ඉහළම මිණිරන් නිෂ්පාදනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාව තබා ඇති නාමය ඉදිරියට ගෙනයාමට මෙම පරික්ෂණ බොහෝ දුරට උපකාරිවනු ඇත.