ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව ඇත.

ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතීත්වයෙන් යුතු 05 දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුව සඳහා අමාත්‍යවරයා අද(19) සිය අනුමැතිය ලබාදී තිබේ.

ලැබ්රෝයිට අමතරව අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස් සහ සජිත් ප්‍රනාන්දු යන අය කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

නව තේරීම් කමිටුවේ පළමු කාර්යය වී ඇත්තේ එළඹෙන පකිස්ථාන සංචාරයට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන තරඟ සංචාරයට ටෙස්ට් තරඟ දෙකකින් එක්දින තරඟ 05 කින් සහ විස්සයි විස්ස තරඟ තුනක් ඇතුලත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *