(කොළඹ, ලංකාපුවත්) – ප්‍රමුඛතා බස් මංතීරුවල ගමන්කරවීම සඳහා විශේෂිත බස් රථ හඳුන්වාදීම ඇතුළු අංග රැසක් ඉදිරියේදී හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා කාර්ය ප්‍රවර්ධන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් එස්. කුමාරගේ මහතා පැවසීය.
කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයක බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම මගින් කාලය බොහෝ සෙයින් ඉතිරි කරගැනීමට හැකි වී ඇත.
එම මංතීරු ක්‍රමය මගින් සෙසු වාහන වල ගමනාගමනයට බාධා එල්ල වී නොමැති ඔහු පෙන්වා දුන්නේය.