ශ්‍රී ලංකාව සෙමෙන් යන පැහැදිළි ගමන ගැන ජනපති එක්සත් ජාතීන්ට පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සදහා යන ගමන සෙමින් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සියලු රටවල ගෞරවනීය සහාය අපේක්‍ෂා කරන බව එතුමා සදහන් කළේය.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද(20) අළුයම අමතමිනි.

එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසුවේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවය.

ලෝක ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිතුමා එහිදී කියාසිටියේය.

තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශී‍්‍ර ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශී‍්‍ර ලංකාව විවිධ ක්‍ෂේත‍්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

ශී‍්‍ර ලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිතුමා පැවසීය.

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *