අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ ඡාවාරමක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මුදල් වංචා කිරීමේ ඡාවාරම් ක්‍රියාත්මක වන බැවින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස පොලිසිය ජනතා‍වගෙන් ඉල්ලීමක් කර සිටියි.

ඊයේ(20) සවස වැලිගම පොලිසියට ලද පැමිණිල්ලක් මත මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. ඇය විදේශ රටවලින් තෑගි පාර්සල් ලැබී ඇති බවට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ පණිවිඩ යොමු කර පුද්ගලයින් රවටා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. එසේම ඇය තම ගිණුම් අංකය වෙත වංචනික ලෙස මුදල් බැර ‍කර ගෙන ඇත. ‍‍

මෙම සිද්ධියට අදාළ කාන්තාව හෝමගම ප්‍රදේහයේ පදිංචි වයස අවුරුදු 64ක තැනැත්තියක් වේ. ඇයව අද(21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීඹට නියමිතය.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන වැලිගම පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *