මුළු කන්ද උඩරටම ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන ව්‍යාපෘතිය ගැන ඇමති කිරිඇල්ල පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගය යනු මුළු කන්ද උඩරටම ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන ව්‍යාපෘතියක් බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එසේම මේ මාර්ගය දළදා වහන්සේ වදින්න යන මාර්ගයක් බැවින් එය කඩාකප්පල් නොකරන ලෙස ද ඇමතිවරයා ඉල්ලීමක් කර සිටියි. මහානායක ස්වාමින් වහන්සේලා හමුවන සෑම අවස්ථාවකම උන්වහන්සේලා තමාගෙන් විමසන්නේ මේ මාර්ගය ආරම්භ කරන්නේ කවදාද යනුවෙන් බවත් අමාත්‍යවරයා පැවසීය.

කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධිවේගී මාර්ග ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(20) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටක් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

“පිටත වටරවුම් මාර්ගය (අදියර 3)කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රු.බිලියන 6.9ක් වියදම් කලා. නමුත් අපේ රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය 3වන අදියරේ කි.මී.1ක් සඳහා වියදම බිලියන 3.9ක් පමණයි. කිලෝමීටරයක වියදම බිලියන 3කින් අඩුවෙලා තිබිලත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතමුන් උත්සාහකරනවා.”

“පසුගිය ආණ්ඩුව කාලේ අධිවේගී මාර්ග හදන්න කොන්ත්‍රාත්’හිතුවා. දුන්නා’. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මාර්ගය හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුවයි. නමුත්අපේ රජය මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවා, නිසික්‍රමවේදයකටයි.”

“පසුගිය රජය සමයේ ඉදිකල කොට්ටාව – දොඩංගොඩ අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 9.6යි. නමුත් අවසානයේ වියදම බිලියන 21.4යි. දොඩංගොඩ සිට කුරුඳුගහහැතැප්ම අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 8.3යි. නමුත් අවසානයේ වියදම බිලියන 26.3යි. කුරුඳුගහහැතැප්ම සිට පින්නදූව දක්වා අධිවේගී මාර්ගයේ ආරම්භක ඇස්තමේන්තුව බිලියන 8.7යි. නමුත් අවසානයේ වියදම බිලියන  35යි.”

“අමාත්‍යාංශයේ කටයුතු පිලිබඳ විගනකාධිපතිවරයා අහන ඕනෑම ප්‍රශ්ණයකට පිලිතුරු දෙන්න අපි සූදානම්. නමුත් කිසිම හැකියාවක්, උගත්කමක් නැති මාර්ග පිලිබඳ ගණනය කිරීම් පිලිබඳ කිසිම දෙයක් නොදන්නා පුද්ගලයෙකුට උත්තර දෙන්න අපි සූදානම් නැහැ.”

“මම කියන්න ඕනා මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරය කාටවත් දීලා නැහැ. කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව අපි ඒක දෙන්නේ ටයිසේ සමාගමට. එම තීරණය ගත්තේ කැබිනට් පත්‍රිකාවක් දාලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *