ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ නිලධාරීන් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ සභාපති ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා තේරී පත්වේ.

එම සංවිධානයේ නිළධාරී මඩුල්ල ඊයේ (20) තෝරා පත්කර ගැණුනේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති එම සංසදයේ ආරම්භක සැසියේදීය.

එම සංසදයේ ලේකම් ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික‍්‍රමගේ මහතා තේරී පත් විය.

උප සභාපති ධුරයට පත් කෙරුණේ නෙත් එෆ් එම් මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මහතා ය.

උප ලේකම් ලෙස පත්කෙරුණේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාවය.

එම සංවිධානයේ කැඳවුම්කරු ලෙස නෙත් එෆ්.එම් මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ මහතාව පත්කෙරුණි.

අනුශාසක ලෙස පත් කෙරුණේ ටෙල්ෂාන් මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතාවය.

ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානින්ගේ සංසදයේ පළමු සැසි වාරය පැවැත්වුණේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාගේ සම්බන්ධීකරණයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *