ලොව ධනවත්ම කාන්තාව මියයයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව ධනවත්ම කාන්තාව මියගොස් ඇත.

ප්‍රංශ ජාතික කාන්තාවක් වන ලිලියන් බෙට්ටෙන්කෝට් රූපාලාවන්‍ය නිෂ්පාදන ආයතනයක හිමිකාරීයක් වන අතර ඇය මිය යනවිට 94 හැවිරිදි වියේ පසුවිය.

ඇගේ වත්කම 2017 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 40කට අධික බව වාර්තා වේ.

2017 වසරේ ෆෝබ්ස් සඟරාවේ ලෝකයේ 14 වන ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන්නේ ද ලිලියන් බෙට්ටෙන්කෝට්ය.

ලිලියන් බෙට්ටෙන්කෝට් ගේ මව ඇයට වයස අවුරුදු 05 දී මිය ගොස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *