ආනයනික ලොකු ළූනු බදු සියයට සියයකින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික ලොකු ළූනු සඳහා සියයට සියයක බද්ධක් පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇත.

සිය අස්වැන්න අළෙවි කර ගැනීමේදී දේශීය රට ළූනු ගොවීන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ආනයනික රට ළූනු සඳහා අය කෙරෙන බද්ධ ඉදිරියේදි සියයට සීයයක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *