අකුණු අනතුරු හා සුළි සුළං ගැන ඉදිරියේ දී සැළකිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාවට අකුණු සේම වායුගෝලීය කැළඹිලි සහ සුළි සුළං සහිත කාලගුණයක් අපේක්‍ෂා කළ හැකි වකවානුවක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අකුණු අනතුරුවලින් ශ්‍රී ලංකාවේ වර්ෂයකට පුද්ගල මරණ විශාල ප්‍රමාණයක් සිදු වේ.

මෙම කාලසීමාව තුළ දිවයින අවට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේහයේ වායුගෝලීය කැළඹීලි වර්ධනය විය හැකි අතර ඒවායෙන් සමහරක් සුළි සුළං දක්වාද වාර්ධනය විය හැකි බව දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින දත්ත අනුව දිවයින හරහා වැඩිම සුළි කුණාටු ගමන් කර ඇත්තේ දෙසැම්බර් මාසයේ දී ය.

ලෝකයේ දැනට සිදුවෙමින් පවතින කාලගුණ සංසිද්ධීන් සැලකීමේ දී එමගින් වන හැකි අවම කර ගැනීම සදහා පෙර සූදානම අත්‍යවශ්‍ය වේ.

එබැවින් ජනතාවට ඉදිරි මාස තුනේ දී සුළි සුළං හා අකුණු අනතුරු පිළිබ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *