(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ බර අධිකම කාන්තාව ලෙස ප්‍රකාශයට පත් කර තිබූ ඉමාන් අහමඩ් මියගොස් තිබේ.
අබුඩාබියේදී මිය යන විට ඇය 36 හැවිරිදි වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පසුගිය මාසයේ දී ඇය බර අඩු කර ගැනීමේ සැත්කමක් සදහා ඉන්දියාවට පැමිණි අතර ඉන් අනතුරුව ඇය අබුඩාබිය වෙත පැමිණ ඇත.
ඊජිප්තු ජාතික කාන්තාවක වන ඉමාන් අහමඩ් ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ඇගේ බර සටහන් වුණේ කිලෝ 500ක් ලෙසය.
බර අඩු කර ගැනීම සදහා කළ සැත්කමක දී ඇයගේ බර කිලේ 324ක් දක්වා අඩුකර ගත හැකිව ඇත.
කෙසේ වෙතත් ඉමාන් අහමඩ්ගේ මරණය සම්බන්ධයෙන් ඇගේ සොයුරිය මුම්බායි රෝහලට චෝදනා එල්ලකර ඇතැයි ද වාර්තා වේ. ඇය ප්‍රකාශ කරන්නේ ජනප්‍රියතාව මත පමණක් සහෝදරිය රෝහලේ තබාගත්ත ද නිසි ප්‍රතිකාර ලබා දී නැති බවය.