ගෑස් මිල වැඩි කළ පසු ලිට්රෝ සමාගම පැවසූ කරුණ

(කොළඹ, ලංකාපුවත්) – ගෑස් මිල ඉහළ නැංවීම සඳහා තමන් ඉල්ලීම් කළේ ඉකුත් දෙසැම්බර් මාසයේ සිට බව ලිට්රෝ සමාගම සදහන් කර ඇත.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ඔවුන් අවධාරණය කරනු ලැබේ.

ඉකුත් දෙසැම්බර් මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ ගෑස් මිල මේ වන විට සියයට අනූ අටකින් පමණ ඉහළ ගොස් ඇති බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණි.

මීට සමගාමීව සෙසු රටවල් බොහෝමයක ගෑස් මිල දැනටමත් වැඩි කර තිබෙන බවද ලිට්රෝ සමාගම සඳහන් කරනු ලැබේ.

මෙරට ගෑස් මිල ඊයේ (25) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ නංවනු ලැබීය.

ලිට්රෝ සමාගමේ අළෙවි අධ්‍යක්ෂ චමින්ද එදිරිවික‍්‍රම පැවසුවේ කිලෝග‍්‍රෑම් 12.05ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කොළඹ වෙළඳපොළේදී රුපියල් 110කින් වැඩි වූ බවය.

එම ගෑස් සිලින්ඩරයක් කොළඹ වෙළඳපොළේ මීට පෙර රුපියල් 1,321කට අළෙවි විය. එහි නව මිල රුපියල් 1,431කි.

ප‍්‍රවාහන සහ සෙසු අතිරේක වියදම්ද එකතු කර මීට සමගාමීව කොළඹින් බැහැර ප‍්‍රදේශවල ගෑස් මිල ද වැඩි කෙරෙනු ඇති.

කිලෝග‍්‍රෑම් 2.5 සහ කිලෝග‍්‍රෑම් 05 ඇතුළු සෙසු ගෑස් සිලින්ඩරවල මිලද මීට සමානුපාතික ලෙස වැඩි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *