දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු

(කොළඹ, ලංකාපුවත්) –පවතික අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු අඟවා ඇත.

කළුතර, රත්නපුර හා නුවරඑලිය යන දිස්ත්‍රික්කවල නාය යෑමේ අවධානමක් ඇති විය හැකිය.

පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, ඉංගිරිය හා කුකුළේගඟ ජලාශය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *