උගන්ඩා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උගන්ඩා පාර්ලිමේන්තුවේ ඊයේ බරපතල ගැටුමක් හට ගෙන තිබුණි. අදාළ උණුසුම් තත්වය ඇතිවූයේ ජනාධිපති පදවිය සදහා වයස් සීමාව පිළිබඳ විවාදයකදී ය.

උගන්ඩා පාර්ලිමේන්තුවේ මේ දිනවල පවතින්නේ දැඩි උණුසුම් වාද විවාද සහිත වාතාවරණයකි.

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පිස්තෝලයක් රැගෙන ආ බවට ආරංචියක් පැතිර ගොස් තිබේ.
ඒ සමගම උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇත.

කථානායකවරයා ප්‍රකාශ කළේ එය වැරදි ආරංචියක් බවය. කෙසේ වෙතත් ඒ වන විට මන්ත්‍රීවරුන් එකිනෙකා සමග කලහකර ගැනීමට පටන්ගෙන තිබුණි.

ජනාධිපති යුවේරි මුසවේනි දැනට 73 වැනි වියෙහි පසුවේ.

ආණ්ඩුකාර ව්‍යවස්ථාව අනූව වයස අවුරුදු 75 සම්පූර්ණවූ විට ඔහු පදවියෙන් ඉවත් විය යුතුය.

පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් පවතින ජනාධිපති මුසවේනිගේ එන්.ආර්.එම්. පක්ෂය, නව ව්‍යවස්ථා සංශොධනයක් ගෙන ඒමට උත්සහ දරනු ලැබේ. එහි මූලික අරමුණ ජනාධිපති පදවිය සඳහා ඇති වයස් සීමාව ඉවත් කර, මුසවේනි ජනාධිපතිවරයාට තවදුරටත් පදවියේ රැඳී සිටීමට ඉඩ සැලසීමයෙ. ඔහු 1986 සිට උගන්ඩාව පාලනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *