යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා – ඇමති තලතා

(කොළඹ, ලංකාපුවත්) – යුක්තිය පසිදලීම කාර්යක්ෂමව සිදු කිරීම, අධිකරණ කටයුතුවලදී ඇති නඩු ප්‍රමාදයට විසදුම් ලබාදීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම සදහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති හීන්ස් වෝකර් නෙදර්කොම් මහතා හා සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබදව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම(DCAF)සමග අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

යුක්තිය පසිදලීමේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම ,අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම නඩු ප්‍රමාදය අවම කිරිම සදහා අණ පනත් සංශෝධනය ආදී කරුණු පිළිබදව මෙහිදි අමාත්‍යවරිය විසින් එම නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

සංවිධානාත්මක අපරාධ මර්දනය කිරිම, නීති විරෝධි අවිධිමත් සංක්‍රමණ ,අන්තර්ජාතික අපරාධ වැනි කරුණු වලදී ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බව මෙහිදී එම නියෝජිත පිරිස සදහන් කළේය.

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිම සදහා රජය විසින් අධිකාරියක් පිහිටුවා ඇති බවත් එහි කටයුතු මේ වන විට සාර්ථකව සිදු වන බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කළ අතර එම නියෝජිත පිරිස ප්‍රකාශ කලේ අධිකාරියේ කටයුතු සදහා තාක්ෂණික සහාය ලබාදීඹට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එනු ලබන පුද්ගලයින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ,මත්ද්‍රව්‍ය විකුණනු ලබන පුද්ගලයින් පාලනය කිරීම සදහා ද තාක්ෂණික හා අනෙකුත් අවශ්‍ය සහාය ලබා දිය හැකි බව ද මෙහිදි නියෝජිත පිරිස සදහන් කළේය.

මෙරට අධිකරණ නිලධාරීන්ගේ සංඛ්‍යාව, නීතිපති දෙපාර්තමේන්තුව ,රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථකව හා කාර්යක්ෂමව සිදු කරන ආකාරය පිළිබදව මෙහිදි සාකච්ඡා විය.

(DCAF) ජිනීවා මධ්‍යස්ථානය ස්විට්සර්ලන්ත රජය විසින් 2000 වසරේ ඔක්තෝම්බර් මස ස්ථාපිත කර ඇති අතර හවුල්කාර රාජ්‍යන්ට අන්තර්ජාතික මූල ධර්ම සහ දේශිය වශයෙන් උපයෝගී කර ගත හැකි වඩාත් හොද පරිචයක් ළගා කර ගැනිමට ප්‍රතිසංස්කරණ සිදු කිරීම, රාජ්‍යන්ගේ ආරක්ෂක අංශයන්හි පාලනය වැඩි දියුණු කිරීම සදහා සහාය දැක්වීම මෙම මධ්‍යස්ථානය සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *