ඉදිරි මාස දෙකේ දී කාලගුණයේ සැලකිය යුතු වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – දෙවන අන්තර් මෝසම් තත්ත්වය ආරම්භවන ඔක්තෝබර් සිට නොවර්ම්බර් මාසය දක්වා වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා කියා සිටියේ ඔක්තෝබර් මුල් සතියේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු විය හැකි බවය. විශේෂයෙන් සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කරනු ලැබේ.

ඔහු මේබව පැවසුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි කාලගුණික සංසිද්ධීන් ආශ්‍රිත ආපදා සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද(28) පැවැති වැඩමුළුවකට එක් වෙමිනි.

එහිදී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ ඔක්තෝබර් – නොවැම්බර් මාස දෙක වැඩි වශයෙන් අකුණු අනතුරු සිදුවිය හැකි මාස දෙකක් බවය. එසේම නොවැම්බර් සහ සහ දෙසැම්බර් කාල සීමාව ශ්‍රී ලංකාවට සුළි සුලං ඇතිවන කාල වකවානුවක් ලෙස ද ඔහු හදුන්වා දෙනු ලැබීය.

එබැවින් මෙම කාලසීමාවේ දී සුළි සුලං හා අකුණු අනතුරු පිළිබඳ ජනතාව වැඩි අවදානමකින් පසුවීම වැදගත් බවද සරත් ප්‍රේමලාල් මහතා කියා සිටියේය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *