බාල පොල්තෙල් ව්‍යාපාරයක්

(කොළඹ, ලංකාපුවත්) –පොල් මිල ඉහළයාම හේතුවෙන් වෙළදපොළ තුළ බාල පොල්තෙල් අලෙවි වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62 (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය) වහා ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.‍

ඒ බව සඳහන් කරමින් එම ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

හසිත තිලකරත්න මහතා
සභාපති,
පාරිභෝගික කටයුතු අධිකාරිය,
කොළඹ 02

සභාපතිතුමනි,

පොල් මිල ඉහළයාම නිසා වෙළදපොළ තුළ බාල පොල් තෙල් අලෙවි වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62 (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය) වහා ක්‍රියාත්මක කරන්න.

පොල් මිල ඉහළයාම නිසා වෙළදපොළ තුළ බාල පොල්තෙල් අලෙවි වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62 (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය) වහා ක්‍රියාත්මක කරන්න.

පොල් මිල සීඝ්‍ර ලෙස ඉහළයාම නිසා මේ වන විට වෙළදපොලතුළ පාම් ඔයිල් කවලම් කරන ලද බාල පොල්තෙල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරන බව අප කළ නීරීක්ෂණයකින්වලින් අනාවරණය වී ඇත. එසේ කිරීම පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට අහිතකර මෙන්ම පාරිභෝගිකයා රැවටීමකට ලක් කිරීමකි.

එම නිසා අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(ආ) වගන්තිය යටතේ 2016-10-7 සාදන ලද අංක 1987/50 දරණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන ලෙසයි.

අදාල ගැසට් පත්‍රය 2017 මාර්තු මස පළමු දින සිට ක්‍රියාත්මක කළ යුතු වුවද තවම එය ක්‍රියාත්මක කර නැත.

යනුවෙන් මෙම ලිපියේ සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *