සතොසෙන් හාල් හා හාල් මැස්සෝ මිල අඩුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – සතොසේ හාල් වර්ග 8ක හා හාල් මැස්සන්ගේ මිල අද (28) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව ලංකා සතොස සභාපති බී.එම්.එන්.කේ. තෙන්නකෝන් මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මෙම අඩුකිරීම සිදුකරන බවත් එම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඔහු සදහන් කළේය.

අඩුවන මිළ ගණන්
නඩු සුදු රු 77 සිට රු 74 දක්වා
සුදු කැකුළු රු 68 සිට රු 65 දක්වා
සම්බා රු 89 සිට රු 84 දක්වා
රතු කැකුළු රු 77 සිට රු 75 දක්වා
රතු නාඩු රු 83 සිට රු 80 දක්වා
කැකුළු සම්බා රු 94 සිට රු 90 දක්වා
රතු නාඩු සම්බා රු 90 සිට රු 88 දක්වා
කැඩුණු සහල් රු 65ට සිට රු 60 දක්වා
හාල් මැස්සෝ 539 සිට 525 දක්වා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *