අගමැති කාර්යාලය මුවාවෙන් ජපාන රැකියා දෙන ජාවාරමක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් කිසියම් කණ්ඩායමක් මුදල් රැස් කරන බවට තොරතුර ලැබී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත.

එසේ රැකියා ලබාදීමේ කිසිඳු වැඩපිලිවෙලක් අග්‍රාමාත්‍ය කාර්යාලය සිදු කරන්නේ නැති බව එම කාර්යාලය අවධාරනය කරනු ලැබේ.

රැකියා ලබා දීමේ එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පුද්ගලයකුට හෝ ආයතනයකට අග්‍රාමාත්‍ය කාර්යාලය බලය ලබාදී නැති බවද එම නිවේදනයේ සඳහන් ය.

යම් පුද්ගලයකු හෝ ආයතනයක් එසේ මුදල් ඉල්ලා සිටින්නේ නම් ලඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *