මූන්දලමේ අනතුරකින් 18කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ – පුත්තලම මාර්ගයේ මූන්දලම පාසල අසලදී අද(29) අළුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා ඇත.

අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුරු සිදුව ඇතැයි මූන්දලම පොලිසිය පැවසීය.

අනතුරින් බස් රථයේ ගමන් කළ 18දෙනෙකු තුවාල ලබා හලාවත රෝහල වෙත ඇතුලත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *