අක්මීමන දයාරතන හිමියන් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් අපරාධ කොට්ඨසයට පැමිණි අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 26වනදා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර සරණාගතයන් රඳවා සිටි නිවාසය අසල කළහාකාරී ලෙස හැසිරීම පිළිබද සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (02) ඒ හිමියන් පොලිස් අපරධ කොට්ඨාසයට කැඳවා තිබුණි.

එහිදී අක්මීමන දයාරතන හිමියන් සහ රවීන්ද්‍ර වර්ණජිත් පෙ‍රේරා නැමැති අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඔවුන්ව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *