දෙහිවල සත්තුවත්තේ ආදායම ඊයේ ලක්‍ෂ 17යි

(කොළඹ, ලංකාපුවත්) – හතලිස් දහසකට අධික පිරිසක් ලෝක ළමා දිනය යෙදී තිබූ ඊයේ(01) දෙහිවල ජාතික සත්වෝද්‍යානය නරඹා ඇති බව සත්වෝද්‍යාන තොරතුරු වලින් වාර්තා වේ.

ඉන් තිස්තුන්දහසක් පාසල් දරුවන් බවත් දාහත් දහසක් වැඩිහිටියන් බවත් සදහන් ය. ඊයේ දිනය තුළ රුපියල් ලක්‍ෂ 17කට ආසන්න ආදායමක් ස‍ත්වෝද්‍යානයට හිමිව තිබේ.

ලෝක ළමා දින සැමරුම් උත්සවයක් ඉයේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී පැවැත්වුණේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එදින සියලුම පාසල් දරුවන්ට නොමිලේ ඇතුළුවීමත් දරුවන් වෙනුවෙන් විවිධ තරඟ, නිනෝද ක්‍රීඩා ඇතුළු වැඩසටහන් රැසක් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවිධාන කර තිබුණි.

ඊට අමතරව පාසැල් ගණනාවකින් විවිධ නර්තන ඉදිරිපත් කර තිබූ අතර අලි නැටුම් ඇතුළු සතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් සහිත ප්‍රසංගවලට ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පැවතුණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය කියා සිටියේ 2019 වසරේ දී ලෝක සයිටීස් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවය. වදවී යන සත්වයින් හා ශාඛ වර්ග ආරක්‍ෂා කිරීම මෙම සමුළුවේ අරමුණය. එම සමුළුව සදහා දැන් සිටම සූදානම්වන බවද අමාත්‍යවරිය කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *