දේශීය ආදායම් පනතට මූල්‍ය අරමුදලෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සහිතව ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා 2017 වසරේ ජුනි මාසය අවසන් වන විට ආදාළ සියලු කාර්ය සාධන ඉලක්ක සපුරාලීමට සහ පාර්ලිමේන්තුව විසින් දේශීය ආදයම් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා බලදාරීන් දැරූ ඉහළ දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ පැසසුමට ලක්වන බව ජේවූ ලී (Jaewoo Lee)මහතා පවසා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සමස්තයක් ලෙස සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වය මිශ්‍ර තත්ත්වයක පැවතුණි. 2016 අග භාගයේ සිට පවතින නියඟය සහ මේ වසර මුලදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්දගාමී වීම සහ උද්ධමනාත්මක පීඩන වර්ධනය වී සිදු විය.

2017 වසර සඳහා ආර්ථික වර්ධනය 4.5%ක මට්ටමට වඩා අඩුවනු ඇති අතර ඉදිරි වසරේ දී කාෂිකාර්මික නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වීම සහ යටිතල පහසුකම් ව්‍යාපෘති වේගවත් වීම හේතුවෙන් ඉදිරි වසරේ දී වර්ධනය නැවතත් යථා තත්ත්යට පත්වනු ඇතැයි ද එම කණ්ඩායම පුරෝකථනය කොට ඇතැයි එම නිවේදනයේ වේ.

ආර්ථිකයෙහි ඔරොත්තු දීමේ හැකියා ශක්තිමත් කිරීම සඳහා ශුද්ධ විදේශීය සංචිත යළි ගොඩනැංවීම තවදුරයත් සිදු කළ යුතුව ඇතැයි ද ඔවුන් විසින් නිගමනය කොට ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික වැඩසටහනෙහි තෙවන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජේවූ ලී (Jaewoo Lee)මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සැප්තැම්බර් 18දා සිට 29දා දක්වා දිවයිනේ රැඳි සිටියහ.

රාජ්‍ය මුල්‍ය තිරසාර මට්ටමක පවත්වාගෙන යෑම සඳහා සහ සමාජීය හා සංවර්ධන වැඩසටහන සඳහා අවකාශය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ බලධාරීන්ගේ සුබවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

මෙම දූත කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි, අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන් වෙළඳ ප්‍රජාව, සිවිල් සමාජ සහ ජාත්‍යන්තර හවුල්කාරුන්ගේ නියෝජිතයන්ද හමුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *