දැරියක් සමාජ ශාලාවක නර්තනයේ යෙදවීම ගැන ළමා අධිකාරියේ නියාමයක්

(කොළඹ, ලංකාපුවත්) – පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් සමාජ ශාලාවක නර්තන කටයුතු සදහා යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් නියාමනය කිරීම මේවන විට ආරම්භ කර ඇත.

වයඹ පළාතේ ප්‍රදේශයක ජීවත්ව සිටි අදාළ දැරිය කොළඹ සමාජ ශාලාවකට රැගෙනවිත් එහි නර්තනයේ යෙදවීම පිළිබඳ පොලිසිය විසින් ද විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

පවුලේ හිතවතියක් විසින් අදාළ දැරිය මංගල උත්සවයකට සහභාවීමට යැයි පවසු පසුගිය 16වනදා කොළමට රැගෙනවිත් තිබේ. දැරිය නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඇගේ මව විසින් ඉකුත් 19වනදා පෙලිසියට පැමිණිළි කර තිබේ. ඒ අනුව පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. අනතුරුව දැරිය කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවක සිට පොලිසියට භාර වී ඇත.

දැරියගෙන ප්‍රකාශ සසටහන් කිරීමේ දී අනාවරණය වී ඇත්තේ නිවසින් දැරිය රැගෙන ගිය කාන්තාව ඇතුළු කිහිප දෙනෙකු විසින් එම දැරිය රාත්‍රී සමාජ ශාලාවක නර්තනයේ යොදවා ඇති බවය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් විසින් මෙම විමර්ශනය තවදුරටත් නියාමනය කරනු ලැබේ. එසෙම් මෙවැනි සිද්ධින් පිළිබදව තොරතුරු ඇතොත් ළඟම පොලිසියට හෝ 1929 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද එම අධිකාරිය ඉල්ලීමක් කරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *